Loading...

රනිල්ව ජනපති කරමු කියන්න ගිහින් රාජ්‍ය ඇමති ප්‍රසන්නට ගම්පහ දී දැඩි විරෝධයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීම සඳහා එක්වන ලෙස යෝජනා කිරීමට ගිය රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාට ගම්පහ ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති බව වාර්තා වනවා.

මැයිදින සංවිධාන කටයුතු සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ඊයේ (07) බියගම රොනායා රෙසිඩන්සිහි පැවැති රැස්වීමේදී මෙම තත්ත්වය හටගෙන තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මෙම රැස්වීම සඳහා පොහොට්ටුවේ ප්‍රබලයින් වන රෝහිත අබේගුණවර්ධන, සාගර කාරියවසම්, ආනන්ද ගණේපොල ඇතුළු කණ්ඩායමක් එක්ව ඇති බවයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලකයින් 300ක් පමණ අදාළ රැස්වීමට සහභාගී වී තිබෙනවා.

මෙහිදී වත්මන් ජනාධිපතිවරයා හැර වෙනත් විකල්පයක් නොමැති බවට රාජ්‍ය අමාත්‍යවරයා පැවසීමත් සමඟ සභාවේ සිටි පිරිසගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති බව වාර්තා වනවා.

“රනිල්ට වැඩ කරන්න කියන්න ඔයාට ලජ්ජා නැද්ද? රෙද්දක් ඇඳගෙනද ඔහොම කතා කරන්නේ? ඔය යෝජනාව කරන අනෙක් අයත් ඒක කරන්නේ රෙද්දක් ඇඳ ගෙනද ? ඇහැව්වා කියලා කියන්න.

කවුරුවත් නැත්නම් පොහොට්ටුවෙන් පඹයෙක් දාන්න අපි පඹයට වැඩ කරන්නම්. හැබැයි රනිල්ට වැඩ කරන්න කියලා බියගම අපිට කියන්න එපා. ඒ වැඩේට මෙහෙම රැස්වීම තියන්නත් එපා”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *