Loading...

,

ලෝක විවාහ රූ රැජින තරඟාවලියේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ සබීනාට

අමෙරිකාවේ පැවැති 41 වන ලෝක විවාහක රූ රැජින තරඟයේ කිරුළ හිමිකර ගැනීමට තායිලන්ත තරඟකාරීය සමත්ව තිබෙනවා.

මෙරට වේලාවෙන් මෙම තරඟය අද (30) පෙරවරුවේ අවසන් වුණා.

මෙහි අවසන් තිදෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සබීනා යූසෆ් සමත් වුණා.

ඇය එහි තෙවන ස්ථානය දිනා ගැනීමට හිමි වුණා.

සත්කාරක අමෙරිකාවේ තරඟකාරීයට මෙහි දෙවන ස්ථානය දිනා ගනු ලැබුවා.

මෙවර මෙම තරඟාවලිය සඳහා ලෝකයේ රටවල් 60කට අධික රූ රැජිනියන් පිරිසක් එක්ව සිටියා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *