සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා.
තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 78කින් මෙම තරඟයේ ජය ගැනීමට සමත් වුණා.
මේ අනුව තරඟ දෙකකින් සමන්විත වූ මෙම තරඟය 1 – 0ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි වුණා.
SSC ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරඟයේ සිව්වන දින ආරම්භ කරමින් අද (28) දින උදෑසන බංග්ලාදේශය සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 115 ලබාගෙන සිටියා.
අද (28) උදෑසන එම ඉනිමට තවත් ලකුණු 18ක් එක්වන විට බංග්ලාදේශ කණ්ඩායමේ සියලු දෙනා දැවී ගොස් තිබුණා.
ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 133කට දැවී ගොස් තිබූ අතර එම තරඟයේ දී කිසිඳු බංග්ලාදේශ පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව ඉක්මවා යාමට හැකියාව ලැබුණේ නැහැ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය ලකුණු 56කට කඩුලු 5ක් දවා ගැනීමට සමත්වූ අතර නායක ධනංජය ද සිල්වා සහ තරිඳු රත්නායක කඩුලු 2 බැගින් දවා ගනු ලැබුවා.








Leave a Reply