Loading...

බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැති එක්දින තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (08) වසර 6කට පසුව බංගලදේශයට එරෙහිව එක්දින තරඟාවලි ජයක් වාර්තා කළා.

ඒ අනුව තරඟ 3කින් යුත් එක්දින තරඟාවලියේ 2-1ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.

එක්දින තරඟාවලියේ තීරණාත්මක සහ අවසන් එක්දින ක්‍රිකට් තරඟය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ඊයේ (08) පැවැත්වූණා.

එහිදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 285ක් ලබා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා ඉනිම සවිමත් කළ කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක බංග්ලාදේශ පන්දු යවන්නන් මැනවින් පාලනය කරමින් සිව්වන කඩුල්ලට ලකුණු 124ක සබඳතාවක් ගොඩනැගුවා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් පන්දු 114කදී කඩුලු 124ක් ලබාගත් අතර නායක චරිත් අසලංක ලකුණු 58ක් ලබා ගනු ලැබුවා.

Taskin Ahmed සහ Mehidy Hasan Miraz බංග්ලාදේශය වෙනුවෙන් කඩුලු 2 බැඟින් දවා ගනු ලැබුවා.

මෙහිදී ලකුණු 286ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශය පන්දුවාර 39.4 යි අවසානයේ සියලු දෙනා ලකුණු 186කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අසිත ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර කඩුලු 3ක් දවා ගනු ලැබුවා.

තරඟයේ සහ තරඟාවලියේ වීරයා සම්මානය කුසල් මෙන්ඩිස් දිනා ගැනීමට සමත් වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *