සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි20 ක්රිකට් තරගාවලියේ ඊයේ (09) රාත්රියේ පැවැති පළමු තරගයෙන් කඩුලු 4ක ජයග්රහණයක් වාර්තා කිරීමට සූරිය පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.
රාවල්පිණ්ඩි ක්රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 182ක ප්රබල ලකුණු මට්ටමක් කරා පැමිණියා.
ශ්රී ලංකා ඉනිම ශක්තිමත් කළ ආරම්භක පිතිකරු ළහිරු උදාර අතිවිශිෂ්ට ඉනිමක් ක්රීඩා කරමින් පන්දු 55කදී හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් සමගින් වේගවත් ලකුණු 91ක් රැස් කිරීමට සමත් වුණා.
ලකුණු 183ක ජයග්රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි පාකිස්තාන පිතිකරුවන්, පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 187ක් ලබා ගනිමින් තරගයේ ජයග්රහණය තහවුරු කරගත්තා.
ඒ අනුව, තරග 3කින් සමන්විත මෙම විස්සයි20 තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සූරිය පාකිස්තාන කණ්ඩායම සමත්ව සිටිනවා.







Leave a Reply