Loading...

සිම්බාබ්වේ සමඟ එක්දින තරඟාවලියට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේ දී සිදු කිරීමට නියමිත සිම්බාබ්වේ තරඟ සංචාරයේ එක්දින තරඟාවලියට ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය අද (21) ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මේ සඳහා නම් කර ඇති බව සඳහන්.

දෙරට අතර තරඟ 2කින් සමන්විත එක්දින හා තරඟ 3කින් යුත් විස්සයි විස්ස තරඟාවලියක් පැවැත්වෙනවා.

ඉන් පළමුව පැවැත්වෙන එක්දින තරඟාවලිය මේ මස 29 වනදා ආරම්භ වනවා.

ඉතිරි තරඟ 31 වනදා පැවැත්වෙන අතර සියලුම තරඟ හරාරේ හිදී පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර විස්සයි විස්ස තරඟාවලිය සැප්තැම්බර් 3, 6 හා 7 දිනවල පැවැත්වෙන අතර එම තරඟ ද හරාරේ හිදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා එක්දින සංචිතය

1) චරිත් අසලංක (නායක), 2) පැතුම් නිස්සංක, 3) නිශාන් මධුෂ්ක, 4) කුසල් මෙන්ඩිස්, 5) සධීර සමරවික්‍රම, 6) නුවනිදු ප්‍රනාන්දු, 7) කමිඳු මෙන්ඩිස්, 8) ජනිත් ලියනගේ, 9) පවන් රත්නායක, 10) දුනිත් වෙල්ලාලගේ, 11) මිලාන් රත්නායක, 12) මහීෂ් තීක්ෂණ, 13) ජෙෆ්රි වැන්ඩර්සේ, 14) අසිත ප්‍රනාන්දු, 15) දුෂ්මන්ත චමීර, 16) ඩිල්ෂාන් මධුශංක


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *