ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 5ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ පසුගිය මාර්තු මස වන විට දළ නිල සංචිත ප්‍රමාණය මෙලෙස ඉහළ ගොස් ඇති බවයි.
මහ බැංකුව විසින් ශුද්ධ පදනම මත විදේශීය විනිමය වෙළෙඳපොලෙන් සැලකිය යුතු ලෙස විදේශ විනිමය මිලදී ගැනීම හේතුවෙන් දළ නිල සංචිත ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.
මෙම නිල සංචිත සඳහා චීන මහ බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත් වනවා.
Leave a Reply