සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (17) ආරම්භ වනවා.
කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායමේ නායක Najmul Hossain Shanto පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
අද (17) තරඟයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට නවක මුහුණු දෙකක් එක්ව තිබෙනවා.
ඒ අනුව ලහිරු උදාර සහ තරිදු රත්නායක ටෙස්ට් වරම් හිමි වනවා.
2025 -2027 ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලියට තරඟ 2ක් ඇතුළත් වනවා.
මේ අතර අද (17) ආරම්භ වන පළමු ටෙස්ට් තරඟය ක්‍රීඩාලෝලීන්ට නොමිලේ නැරඹීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවස්ථාව සලසා තිබෙනවා.
දෙරට අතර ගාල්ලේ දී අද (17) ආරම්භ වන පළමු ටෙස්ට් තරඟය ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජෙලෝ මැතිව්ස් සිය ක්‍රිකට් දිවියේ සහභාගී වන අවසන් තරඟය මෙය වනවා.
ඔහුගේ සමුගැනීම වෙනුවෙන් ගාල්ල ක්‍රීඩාංගණය සුදානම් කර තිබුණා.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා ටෙස්ට් තරඟ 26ක් පවත්වා තිබෙනවා.
ඉන් තරඟ 20ක් ශ්‍රී ලංකාව ජය ගෙන ඇති අතර බංග්ලාදේශය ඉන් එක් තරඟයක් පමණි.
තරඟ 5ක් ජය පරාජයෙන් තොරව අවසන්ව තිබෙනවා.








Leave a Reply