සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි තෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් ලකුණු 342ක වාර්තාගත ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
ජාත්‍යන්තර එක්දින තරඟ බිමේ කණ්ඩායමක් වැඩිම ලකුණු පරතරයක් සහිතව ලැබූ එක්දින ජය ලෙස වාර්තා අතරට එක්වුණා.
මීට පෙර මෙම අමිහිරි වාර්තාව ශ්‍රී ලංකා ඉදිරියේ ලියවී තිබු අතර එහිදී ඔවුන් ඉන්දියාව හමුවේ ලකුණු 317ක පරාජයක් ලබා තිබුණා.
එංගලන්තයේ සවුත්හැම්ටන්හිදී පැවැති මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 415ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගුවා.
එහිදී එංගලන්තය වෙනුවෙන් ජේකොබ් බෙතෙල් 110 (82), ජෝ රූට් 100 (96), ජෙමී ස්මිත් 62 (48), ජොස් බට්ටලර් නොදැවී 62 ලකුණු රැස්කළා.
ඒ අනුව ලකුණු 416ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 20.2කදී සියලු දෙනා ලකුණු 72කට දැවී ගියා.
කෙසේ නමුත් තරඟ 3කින් යුත් තරඟාවලිය තරඟ 2-1ක් ලෙස ජයගැනීමට සමත් වූයේ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමයි.








Leave a Reply