Loading...

ජනපති වෙන්න ආ 23 දෙනෙක්ට වෙච්ච දෙයක්

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 38 දෙනෙක්ගෙන් රැස්වීම් සංවිධානය කර ඇත්තේ අපේක්ෂකයන් 15 දෙනෙක් බව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පවසනවා.

ඉතිරි විසි තුන් දෙනාගේ තුන් දෙනෙක් ගැන කිසිඳු තොරතුරක් නොමැති බවද ඔහු සඳහන් කරනවා.

ඒ මහතා කියා සිටින්නේ මැතිවරණ කොමිෂන් සභාවට ඔවුන් ලබාදී ඇති දුරකථන අංකවලට ඇමතු විට ඔවුන් තිදෙනාගේ දෙදෙනෙක් වෙනුවෙන් අමතන්නේ වෙන අය බවත් විසි තුන්දෙනාගෙන් පස් දෙනෙකුට අඩු තරමේ සමාජ මාධ්‍ය යටතේ ෆේස්බුක් ගිණුමක් හෝ නොමැති බවත්ය.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් තමා ජනාධිපතිවරණයට තරඟ කරනවා යන්න මාධ්‍යයට ප්‍රකාශ කර නොමැති බවද එම පක්ෂයේ විධායක අධ්‍යක්ෂවරයා පෙන්වා දෙනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටින්නේ මැතිවරණ අපේක්ෂකයන් 38 දෙනාගේ ඡායාරූප තම ආයතන වෙබ් අඩවියේ පළ කිරීමට උත්සහ දැරූ අවස්ථාවේදී ප්‍රචාරක කටයුතු කරන පහළොස් දෙනා හැර අනෙක් 23 දෙනාගෙන් ඒවා ලබා ගැනීමට නොහැකිවී ඇති බවත් කතාබහ කිරීමට පවා නොපැමිණි බවත්ය.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *