අලුත්විම ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
සිංහල හින්දු අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ රටක් ලෙස ඉදිරියට යාමට සමාජ සබඳතා සහ සාමුහිකත්වය ඉතා වැදගත් බවයි.
එමෙන්ම සියළු රට වැසියන්ට ලැබුවා වූ නව වසර සුබ නව වසරක් ලෙස ප්‍රාර්ථනා කරන බවද ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.
මේ අතර ආර්ථික අර්බුධයකට මුහුණ දී රට බත බුලතින් සරි කරන්නට අභියෝගාත්මකව ගොවි ජනතාව කළ මෙහෙය මේ අලුත් අවුරුද්දේ කෘතවේදීව සිහිපත් කළ යුතු බවයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අලුත් අවුරුදු වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.
මේ අතර අභිමානවත් දේශයක් බිහි කිරීමට සැවොම එකා මෙන් අත්වැල් බැඳ ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා පෙන්වා දෙන්නේ බංකොළොත්භාවයෙන් මිදී නැවත ස්වයංපෝෂිත ආර්ථික රටාවක් සහිත රටක් බිහි කිරීමට සැවොම එක් විය යුතු බවයි.
උදා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකික ඔබට සුබ සුබම අලුත් අවුරුද්දක් වේවායැයි SLVLOG අපත් සුබ පැතුම් එක් කරනවා.
Leave a Reply