Loading...

,

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උදාවෙයි

2025 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද (14) පූර්වභාග 03.21ට යෙදී තිබූ සුබ මොහොතින් උදාවුණා.

ආහාර පිසීමේ නැකත යෙදී තිබුණේ පූර්වභාග 04.04 ටයි.

තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා කිරිබතක් හා කැවිලි වර්ගයක්ද දී කිරි සහ විලඳ ද පිළියෙල කරගැනීම යහපත් බව නැකැත් සීට්ටුවේ සඳහන් වනවා.

මෙවර වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය යෙදී ඇත්තේ අද (14) පූර්වභාග 06.44 ටයි.

ලැබුවා වූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද SL Vlog අපත් ඔබට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි ප්‍රාර්ථනා කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *