Loading...

ටයිගර් ෂ්රෝෆ් ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක්

ප්‍රකට ඉන්දීය බොලිවුඩ් සිනමා නළු ටයිගර් ෂ්රෝෆ් (Tiger Shroff) ඉලක්ක කරගනිමින් සංවිධානාත්මක අයුරින් එල්ල වූ මාරාන්තික වෙඩි ප්‍රහාරයකින් ඔහු කිසිදු හානියක් නොමැතිව අනුනමයෙන් බේරී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ (18) පස්වරුවේ මුම්බායි හි ජූහු (Juhu) ප්‍රදේශයේදී අතිශය කලබලකාරී වටපිටාවක මෙම සිදුවීම සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ටයිගර් ෂ්රෝෆ් ගමන් ගත් රථය ඉලක්ක කරගනිමින් එකදිගට මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, එල්ල වූ ප්‍රහාරයෙන් ටයිගර් ෂ්රෝෆ් මහතාට කිසිදු අනතුරක් සිදුවී නොමැති අතර, ඔහුගේ පෞද්ගලික රියදුරා සහ ආසන්නයේ තිබූ ත්‍රිරෝද රථයක රියදුරෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මුම්බායි පොලිසිය සහ අලුත් අපරාධ විමර්ශන අංශ විසින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර පලාගිය තුවක්කුකරුවන් සොයා විශේෂ මෙහෙයුමක් ද ක්‍රියාත්මකයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *