අතුරුදන්ව සිටි අතිශය ජනාදරයට පත් ‘අග්බෝ’ හස්තිරාජයා තිරප්පනේ, නාච්චාදූව වැව් රක්ෂිතයේ සිටියදී ආරක්ෂිතව සොයා ගැනීමට සමත්ව තිබෙනවා.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්රී ලංකා යුද හමුදාව එක්ව සෝදිසි මෙහෙයුම් කඩිනම් කරමින් අද දිනයේ ක්රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී මෙම ඇතා සොයාගැනීමට හැකිවූ බවයි වාර්තා වන්නේ.
එම ප්රදේශය භාර වනජීවී අඩවි සහකාර බුද්ධික මහතා තහවුරු කර ඇත්තේ, අග්බෝ ඇතා සොයාගන්නා අවස්ථාව වන විටත් කිසිදු ආබාධයකින් තොරව ඉතා යහපත් සෞඛ්ය තත්ත්වයෙන් පසුවූ බවයි.
ඒ අනුව, අග්බෝ ඇතා මේ වන විට නාච්චාදූව වැව් රක්ෂිතය තුළ ඉතා සුරක්ෂිතව සහ නිරුපද්රිතව සැරිසරමින් සිටින බව පරිසර අමාත්යාංශයේ මාධ්ය ඒකකය වැඩිදුරටත් නිල වශයෙන් තහවුරු කර සිටිනවා.







Leave a Reply