රවී කරුණානායක මහතා හොර රහසේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුව සොරාගත් සේ එම පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තුව මන්ත්‍රී ධුරය ෆයිසර් මුස්තාෆා මහතා විසින් සොරාගෙන ගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂය චෝදනා කර සිටිනවා.
නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය මෙම චෝදනා සිදු කරනු ලබනවා.
අදාළ නිවේදනයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නම් කර මැතිවරණ කොමිසම වෙත යැවීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් නීතිඥ ෂර්මිලා පෙරේරා කටයුතු කර ඇති බවයි.
කෙසේ වෙතත් පසුගිය දා එම පෙරමුණේ පැවැති සාකච්ඡාවකදී එජාප පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා අදාළ මන්ත්‍රී ධුරයට නම් කිරීමටයි.
පක්ෂයේ හවුල්කාර පක්ෂ ගණනාවක් සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කළ ලිඛිත ඉල්ලීමකට අනුව ඊයේ (10) දහවල් වන විට කංචන විජේසේකර මහතා ජාතික ලැයිස්තුව මන්ත්‍රීවරයා ලෙස පක්ෂ නායකත්වය විසින් නම් කර ඒ බව කථානායකවරයාට ද දැනුම් දී ලිපිය පක්ෂ ලේකම් ෂර්මිලා පෙරේරා වෙත යොමු කරන අතරවායේ දී ෆයිස්ර් මුස්තාපා ජාතික ලයිස්තු මන්ත්‍රීවරයා ලෙස නම් කර ඇය විසින් මැතිවරණ කොමිසමට ලිපියක් යවා ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග පවසනවා.
මේ අතර නිමල් ලංසාගේ නව සන්ධානය නිමල් ලංසාගේ අත්සනින් ද, පොදු ජන එක්සත් පෙරමුණ ලසන්ත අලගියවන්නගේ අත්සනින් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුමින්ද දිසානායකගේ අත්සනින් ද යුතුව ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය ෆයිසර් මුස්තාපා වෙත ලබා දෙන ලෙස වෙන වෙනම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගෙන් ලිඛිත ඉල්ලීම් කර තිබු බවද වාර්තා වනවා.
විශේෂ නිවේදනය
ගෑස් සිලින්ඩරය ලකුණින් මහ මැතිවරණයට තරඟ කිරීමට තීරණය කළ අවස්ථාවේදී හවුල්කාර පක්ෂ නායකයින් සාකච්ඡා කර පොදු එකඟතාවලට එළැඹියේය.
ඒ අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් වූ පක්ෂය සමග ගිවිසුම්ගත වීමට තීරණය කෙරිණි.
එම පෙරමුණේ ලේකම්වරිය ලෙස ෂර්මිලා පෙරේරා මහත්මියට අදාල එකඟතා ඇතුළත් ගිවිසුම් බාර දෙන ලදී.අද වන තෙක් ගිවිසුම්වල පිටපත් හවුල්කාර පක්ෂ කිසිවකට ලබාදී නැත.
ගිවිසුම ඉදිරිපත් කිරීමද මෙතෙක් කටයුතුකර නැත.ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ නායකයන් විසින්ය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරියට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්පූර්ණ කිරීමට කිසිදු බලයක් පවරා නැත.
එම තීරණය උල්ලංඝනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම විශ්වාසය සම්පූර්ණයෙන් කඩ කිරීමකි.
දේශපාලන හොරකමකි. රවී කරුණානායක මහතාගේ පත්කිරීම සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීම සඳහා මේ වන විටත් කමිටුවක් පත්කර තිබේ.
කමිටු වාර්තාව ලැබුණු පසු නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂිතය.
Leave a Reply