ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට විශ්වාසනීය තොරතුරු සමඟ අනතුරු ඇගවීම් ලැබී ඇති බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ මෙම තර්ජනයෙන් එල්ල වී ඇති බරපතල අවදානම හේතුවෙන් තානාපති කාර්යාලයේ නිලධාරීන්ට නැවත දැනුම් තුරු ආරුගම්බේ වෙත යාමට තහනමක් පනවා ඇති බවයි.
තවද නැවත දැනුම් දෙන තුරු ආරුගම්බේ ප්‍රදේශයට යාමෙන් වළකින ලෙස එක්සත් ජනපද පුරවැසියන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.








Leave a Reply