Loading...

,

සූර්ය පැනල තාවකාලිකව ක්‍රියා විරහිත කරන මෙන් විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක්

පද්ධතියේ ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල මත සවි කර ඇති සුර්ය බලශක්තිය තාවකාලිකව නවතා දමන ලෙස විදුලිබල මණ්ඩලය සුර්ය පැනල සවිකර ඇති බලශක්ති හිමියන්ගෙන් ඉල්ලා තිබෙනවා.

විදුලිබල මණ්ඩලය එම පාර්ශවයන්ගෙන් ඉල්ලා ඇත්තේ මේ අනුව අද (13) සිට එළැඹෙන අප්‍රේල් 21 වනදා තෙක් දිවා කාලයේ සෑම දිනකම පස්වරු 3 දක්වා තම සුර්ය පද්ධතිය අක්‍රීය කරන ලෙසයි.

අවුරුදු සමය තුළ විදුලි ඉල්ලුම අවම මට්ටමකට පහත වැටී ඇති අතර ඒ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරෙන ඉහළ විචල්‍යතාවයකින් යුතු පුනර්ජනනීය බලශත්කි දායකත්වය ජාතික පද්ධතියට අසාමාන්‍ය ලෙස ආතතියක් ඇති කරන බවද එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

විදුලිබල මණ්ඩලය පවසන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස පද්ධතියේ අවස්ථිතිය තියුණු ලෙස පහත වැටී ඇති බවත් ඊට ඉතා සුළු උච්චාවචනයකදී පවා අර්ධ වශයෙන් ඇනහිටීම් හෝ රට පුරා විදුලිය විසන්දි වීමක් ඇති කළ හැකි මට්ටමකට පැමිණීමේ අවදානමක් පවතින බවත්ය.

මේ අනුව මෙම කාල සීමාව තුළදී ජාතික විදුලි බල ජාලයේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා වහල මත සවි කර ඇති සූර්ය පැනල තාවකාලිකව නවතා දමන ලෙසද විදුලි බල මණ්ඩලය සිය නිවේදනය මඟින් ඉල්ලා තිබෙනවා.

Public-Notice-Sinhala

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *