එළැඹෙන ඔක්තෝබර් මාසයේ සිදුකිරීමට නියමිත ඉන්ධන මිල සංශෝධනයේදී ජනතාවට සහනාධාරයක් ලබාදීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අද (20) අකුරැස්සේ පැවැති ජන රැලියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළා.
“ලෝක වෙළෙඳපොල අනුව එළැඹෙන ඔක්තෝබර් මාසයේ තෙල් මිල වැඩි කරන්න ඕනි. එහෙන් ගෙනල්ලා මිල ගලප්පලා බලපුවාම පළවෙනිදාට මිල වැඩිවෙන්න ඕනි. හැබැයි අපි අපේක්ෂා කරනවා සහනාධාරයක් දීලා ඒක පාලනය කරන්න.
ආණ්ඩු අන්න එහෙමයි. මරාලයක් කඩා වැටුණම මුළුමනින්ම ඒක ජනතාව පිට දාන්න බෑ. ඒකට යම් උදව්වක් ආණ්ඩුව කරන්න ඕනි. හොඳ නැද්ද එහෙම”








Leave a Reply