මේ දක්වා කිසිඳු සැලකිල්ලට භාජන නොවූ ක්ෂේත්‍ර 14ක් සම්බන්ධව අවධානය යොමු කර ඔවුන්ගෙන් බදු අයකර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
කෑගල්ලේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ඒ අනුව ඉදිරියටත් මේ සම්බන්ධව විමර්ශනය කරන බවද ඔහු කියා සිටියා.
වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ බදු ගෙවීම් පැහැර හැරීමට කිසිඳු පුද්ගලයෙක්ට අවස්ථාවක් ලබාදී නොමැති බවත් බදු ගෙවීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ මෙවැනි වකවානුවක් කිසිම දිනක නොමැති බවත්ය.
“ගිය අවුරුද්දේ අපි ගේනවා ක්ෂේත්‍ර 14ක් අනිවාර්යෙන් බදු ගෙවීම සඳහා ලියාපදිංචි විය යුතුයි කියලා. මහ පරිමාණ උපකාරක පංති, පෞද්ගලික පාසල්, පෞද්ගලික වෛද්‍ය සේවාවන් සැපැයීම, ඉංජිනේරු සේවාන්, මිනින්දොරු සේවාවන් ඔය 14 තුළ තියෙනවා. ඒ නිසා ඒ 14 තුළින් ලියාපදිංචි වුණ සියලුදෙනාගේ ආදයම් පිළිබඳ පැහැදිලි විමර්ශනයක් දේශීය ආදයම් බදු දෙපාර්තමේන්තුව කරගෙන යනවා.”
Leave a Reply