ජුලි මස අවසන් වීමට පෙර ජනාධිපතිවරණය දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සභාව පවසනවා.
කොළඹ මැතිවරණ කොමිෂන් සභාවේ අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා කියා සිටියේ මේ දිනය ක්‍රියාත්මක කිරීමේ දී වෙනත් කිසිඳු හේතුවක් බලනොපාන බවයි.
ඕනෑම අයෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනාධිපති පනත අනුව මෙම දින පිළිබඳව සලකා බැලිය හැකි බවද ඔහු සඳහන් කරනවා.
ඡන්ද විමසීමේ දැන්වීම නිකුත් කරන දිනයේ සිට දින 16ත් – 21ත් අතර ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා නාම යෝජනා භාර ගැනීම සිදුකළ යුතු වනවා.
නාම යෝජනා භාර ගැනීමේ දිනයේ සිට සති 4ත් 6ත් අතර කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Leave a Reply