Loading...

, ,

BREAKING – කටාර් ගුවන් කලාපය තාවකාලිකව වසා දමයි

කටාර් රාජ්‍යය ඔවුන්ගේ ගුවන් කලාපයේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වනවා.

එරට විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා තිබෙනවා.

මැදපෙරදිග විශාලතම අමෙරිකානු හමුදා කඳවුර වන අල් උඩෙයිඩ් ගුවන් කඳවුර කටාර් හි පිහිටා ඇති බව සඳහන්.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව එරට පුරවැසියන් 8000ක් පමණ එහි වාසය කරනවා.

මේ අනුව කටාර් හි සිටින අමෙරිකා එක්සත් ජනපද සහ එක්සත් රාජධානිය පුරවැසියන්ට දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

මෙලෙස ඔවුන්ට දැනුම් දී ඇත්තේ නැවත දැනුම් දෙන තෙක් එම ස්ථානවල රැඳී සිටින ලෙසයි.

කටාර් හි එක්සත් ජනපද තානාපති කාර්යාලය අන්තර්ජාලය හරහා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

මේ අතර එක්සත් රාජධානියේ රජය පවසන්නේ අමෙරිකා එක්සත් ජනපද විසින්කළ අනතුරු ඇඟවීමට ප්‍රතිචාර වශයෙන් තමද කටාර්හි සිටින තම පුරවැසියන්ට අනතුරු ඇඟවීම නිකුත් කළ බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *