එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමේ නියෝගයට අමෙරිකානු අභිනව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා.
ඔහු එම නියෝගයෙන් පවසා ඇත්තේ ගෝලීය සෞඛ්‍ය සංවිධානය කොවිඩ් වසංගතය සහ අනෙක් ජාත්‍යන්තර සෞඛ්‍ය අර්බුද වැරදි ලෙස හසුරුවා ඇති බවයි.
මෙම පියවර හේතුවෙන් එක්සත් ජනපද මාස 12කින් එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන අතර එහි කටයුතු සඳහා වන සියලුම මුල්‍ය දායකත්වය ද නවතා දමනු ඇති.
අමෙරිකාව සැලකෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශාලතම මුල්‍ය ආධාරකරුවා ලෙසයි.
එහි සමස්ත අරමුදල්වලින් 18%ක් එක්සත් ජනපදය විසින් දරනු ඇති.








Leave a Reply