Loading...

ඉරාන ජනාධිපති අද දිවයිනට

ඉරාන ජනාධිපති ඊබ්‍රයිම් රයිසි මහතා අද (24) උදෑසන මත්තල ගුවන්තොටුපොලින් මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඔහු මෙලෙස දිවයිනට පැමිණෙන්නේ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වීම සඳහායි.

උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ඉරාන ජනාධිපති පිළිගැනීමේ නිල උත්සවය අද (24) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙහිදී දෙරටේ ජනාධිපතිවරුන්ගේ විශේෂ ප්‍රකාශයක් සහ දෙරට අතර අවබෝධතා ගිවිසුම් 5කට අත්සන් තැබීමට ද සුදානමක් පවතිනවා.

තොරතුරු මුලාශ්‍ර – ලංකාදීප


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *