Loading...

,

යුද ගැටුම් ගැන ජනපති රජයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරයි

මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වය පාලනය කිරීම සඳහා ඉර සම්බන්ධ සියලු පාර්ශවයන් ඉතා ඉක්මණින් සාමකාමී ලෝකයක් වෙනුවෙන් අවශ්‍ය කැපවීම සහ මඟ පෙන්වීම සිදුකළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද (03) පාර්ලිමේන්තුවේ දී මැදපෙරදිග යුදමය තත්ත්වය පිළිබඳ රජයේ ස්ථාවරය ප්‍රකාශ කරමින්.

මෙම යුදමය තත්ත්වය තුළ මෙරට ජන ජීවිතයට ද විශාල බලපෑම් එල්ල විය හැකි බවද ඔහු මෙහිදී කියා සිටියා.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ හුදෙකලා එයින් මිදීමට අපට හැකියාවක් නොමැති බවයි.

රටක් ලෙස මෙයට මුහුණ දීමට වැඩපිළිවෙලක් සකස් කරගන්නා බවත් එය සිදුකර ගත හැකි වන්නේ සාමකාමී ලෝකයක් සඳහා ජාත්‍යන්තර සිදු කරනු ලබන කැපවීම තුළින් පමණක් බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කළා.

මැදපෙරදිග යුද්ධය හේතුවෙන් තෙල් සහ ගෑස් සැපයුමට බාධා ඇති විය හැකි බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ විදෙස්ගත ශ්‍රී ලංකාකයින් සම්බන්ධව විශාල ගැටළුවක් ඇති බවත් සංචාරක කර්මාන්තයට, විදෙස් ප්‍රේෂණ, නාවික හා ගුවන් කර්මාන්තයට ද බලපෑම් එල්ල වන බවත්ය.

කෙටි කාලීනව හා දීර්ඝ කාලීනව මෙම යුදමය තත්ත්වය හමුවේ ලංකාවට මුහුණ දීමට සිදුවන ගැටළු සඳහා විසඳුම් සොයා ගත යුතු බවද ජනාධිපතිවරයා පවසනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ අතීතයේ ඇති අමිහිර අත්දැකීම් හේතුවෙන් මෙවැනි තත්ත්වයක් තුළ ජනතාව කලබලයට පත්වීම සාමාන්‍ය තත්ත්වයක් බවයි.

“ඕනෑම යුද ගැටුමක් කිසිදු ජන කණ්ඩායමයකට හිතකර තත්ත්වයක් නිර්මාණය කරන්නේ නෑ. තාක්ෂණික වශයෙන්, යුදමය වශයෙන් ඉතාම විශාල අවි තාක්ෂණික මෙවලම් නිර්මාණය කරමින් තිබෙන ලෝකයකට එය මොන තරම් විනාශකාරී ද කියන එක පිළිබඳව අපි කාටත් අවබෝධයක් ලබාගත හැකියි.

එනිසා ශ්‍රී ලංකාව ලෙස අපගේ ස්ථාවරය වන්නේ, මේ යුද්ධයට සම්බන්ධ සියලු පාර්ශ්වයන් ඉතා ඉක්මනින්ම සාමකාමී ලෝකයක් වෙනුවෙන් අවශ්‍ය කැපවීම්, මඟ පෙන්වීම් කළ යුතු යන්නයි.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *