තම පුත්‍රයාට එරෙහිව පොලිස් කොස්තාපල්වරයෙකු විසින් රාජාංගනය පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
නිවසේ තිබූ පොලිස් නිල ඇඳුමේ නිල අංක තහඩුව සහ නිල ඇඳුමේ බොත්තම් දෙකක් සොරාගෙන ඇති බව සඳහන් කරමින් මෙම පැමිණිල්ල සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
සාලියවැව පොලිස් ස්ථානය අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙක් මෙම පැමිණිල්ල සිදුකර ඇති බව සඳහන්.
මේ වන විට සැකකාර පුත්‍රයා නිවසෙන් පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
රාජාංගනය පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි.
Leave a Reply