Loading...

අපේ කණ්ඩායමට ඕනෑම අභියෝගයක් භාරගන්න පුළුවන් – උපුල් තරංග

ලබන ජුනි මසදී ආරම්භ වන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ඕනෑම අභියෝගයක් භාරගත හැකි කණ්ඩායමක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතය පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අද (13) එක්වෙමින්.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා, “අමෙරිකාවේ ඇති තණතිලි පිළිබඳව අපිට එන පණිවිඩ අනුව විශේෂයෙන් නිව්යෝක් සහ ඩලස්වලත් ඩ්‍රොපින් පිච් වල තමයි ක්‍රිඩා කරන්නේ. මොකද ඒවා තියෙන්නේ ඕස්‍ට්‍රේලියාවේ. ගිය අවුරුද්දේ මේජර් ලීග් එක ක්‍රීඩා කරලා තියෙන්නේ ඩලස්වල ඒවත් ඩ්‍රොපින් පිච්වල තමයි ක්‍රීඩා කරන්නේ. ඒ පිචස් ගත්තාම ගොඩක්… ඔස්ට්‍රේලියාවෙන් ආවත් කියන්නේ අර අන්ඉවන් විකට් කියලා. ඒ වගේ විකට් එක පොඩ්ඩක් ස්ලෝ ගතියක් තියෙනවා කියලා. විශේෂයෙන්ම එහේ කන්ඩිෂන් එක්ක බලද්දී අමෙරිකාවේ ඒ වගේම බටහිර ඉන්දීය කොදෙව්වල. ගොඩක් විදියහට එන නිව්ස් එක්ක තියෙන විකට්ස් ටිකක් ස්ලෝ වෙයි කියලා.

අපි අන්තිම කාලේ ක්‍රීඩා කළේ දඟ පන්දුයවන්නන් දෙනෙකුගෙන්. හැබැයි සමහරක් වෙලාවට ලෝක කුසලානෙදී අපට දඟපන්දු යවන්නන් තුන්දෙනෙකු එක්ක යන්න අවස්ථාවක් එයි සමහර වෙලාවට. අපි ඒ හින්දා තමයි ඒ ඔප්ෂන් එකට දුනිත්ව ගත්තේ. මොකද ඔහුගේ පිතිකරණය දිහා බලලා. අපට සමහර වෙලාවට ෆාස් බොල් ඕල්රවුන්ඩින් නැතුව ස්පිනින් ඕල්රවුන්ඩ්ලට යන්න පුළුවන්.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *