එක්සත් ජනපදය විසින් මෙරට අපනයන මත පනවනු ලැබූ තීරු බදු අඩු කර ගැනීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ (USTR) තානාපති ජේමිසන් ග්‍රියර් මහතා අතර මාර්ගගත සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
අද (25) පස්වරුවේ මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
මෙරටට පනවා ඇති තීරු බදු අඩුකර ගැනීම සහ දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා වර්ධනය කර ගැනීම මෙම සාකච්ඡාවේ මුලික් අරමුණු වී තිබෙනවා.
මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ (USTR) නිලධාරීහුද සම්බන්ධ වී ඇති බව සඳහන්.








Leave a Reply