Loading...

මැටි ප්‍රසන්නගේ පාර්ටියකට ආපු නිලධාරීන්ට පාචනය තත්ත්වයක් ඇතිවෙලා

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා විසින් සිය අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් ගෙන්වා ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක පැවැත්වූ සාදයකින් අනතුරුව සාදයට සහභාගී වී රාත්‍රී ආහාරයට ගත් සියලු දෙනා බරපතල රෝගී වී තිබෙනවා.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරන්නේ මේ හේතුවෙන් ඇතැම් නිලධාරීන් රෝහල් ගතව ප්‍රතිකාර ගෙන ඇති බවයි.

මීට දින කිහිපයකට පෙර මෙම සාදය පවත්වා ඇති බවද සඳහන් වනවා.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා බීමත් වී සිටයද රාත්‍රී ආහාර නොගෙන හෝටලයෙන් පිටව ගොස් තිබෙනවා.

නමුත් රාත්‍රී ආහාරය ගත් සියළු දෙනා වමනය සහ පාචන තත්ත්වයක් හේතුවෙන් රෝගී වූ අතර ඇතැම් නිලධාරීන්ගේ රෝගී තත්ත්වය උග්‍ර වී ඇති බවද වාර්තා වනවා.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ වන විට සිද්ධියට සම්බන්ධ හෝටලය සම්බන්ධව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක් ලැබී බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *