Loading...

,

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය ඉවත් කිරීමේ සුදානමක් නෑ – ආරක්ෂක අමාත්‍යාංශය

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉවත් කිරීමේ කිසිඳු සුදානම් නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා කියා සිටින්නේ සත්‍යතාවයකින් තොර අසත්‍ය කරුණු සමාජගත කිරීමට නිත්‍යානු නීත්‍යානූකූල ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවයි.

මෙවැනි අසත්‍යය සහ සංවේදී තොරතුරු තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයින් හේතුවෙන් සමාජය තුළ අනවශ්‍ය බියක් නිර්මාණය වීම අයහපත් තත්ත්වයක් බවද ඔහු පෙන්වා දෙනවා.

ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ දේශපාලන අවශ්‍යතා මත සිදුකරන මෙවැනි ප්‍රචාර දැඩි ලෙස හෙළා දකින බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *