විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව දිනාගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ (20) රාත්‍රියේ සමත් වුණා.
ඒ ලකුණු 32කින් දකුණු අප්‍රිකානු පරාජයට පත් කරමින්.
කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ නවසීලන්ත ජයග්‍රහණය කළ පළමු ලෝක කුසලානය ලෙස මෙය වාර්තා අතරට එක්වෙනවා.
ඩුබායි හිදී පැවැත්වුණු තරඟයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට නවසීලන්ත කාන්තා කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 159ක් ලබා ගැනීමට සමත් වුණා.
නවසීලන්ත කාන්තා කණ්ඩායම වෙනුවෙන් Amelia Kerr ලකුණු 43ක් සහ Brooke Halliday ලකුණු 38ක් රැස් කළා.
Nonkululeko Mlaba දකුණු අප්‍රිකාව වෙනුවෙන් කඩුලු 2ක් බිඳ හෙළුවා.
ලකුණු 160 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 126ක් පමණයි.
දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම වෙනුවෙන් පිතිකරණ අංශයෙන් සාර්ථක වීමට හැකි වූ එකම පිතිකාරීණිය වූයේ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමේ නායිකා Laura Wolvaardt පමණි.
ඇය තම කණ්ඩායම වෙනුවෙන් සටන්කාමි ලකුණු 33ක් ලබා ගැනීමට සමත් වුණා.
නවසීලන්ත කාන්තා කණ්ඩායම වෙනුවෙන් Rosemary Mair සහ Amelia Kerr කඩුලු 3 බැඟින් දවා ගනු ලැබුවා.
විස්සයි20 කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ නවසීලන්තය අවසන් මහා තරගයක් ක්‍රීඩාකළ තෙවැනි අවස්ථාව මෙය වන අතර ඔවුන් මීට පෙර 2009 හා 2010 වර්ෂයන්හි අවසන් මහා තරගය ක්‍රීඩාකළද, එම අවස්ථා දෙකේදීම අනුශූරතාවයෙන් සැහීමකට පත්වීමට සිදු වුණා.








Leave a Reply