Loading...

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමට පොලීසියෙන් අලුත් වැඩක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වළක්වාලීම අරමුණු කරගනිමින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සමඟ එකඟතා ගිවිසුම්වලට එළැඹීමට ශ්‍රී ලංකා පොලීසිය පියවර ගෙන තිබෙනවා.

මේ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සමඟ මේ වන විට එකඟතා ගිවිසුම්වලට එළැඹ ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව ශ්‍රී ලංකා රේගුව සමඟ ද ඊයේ (10) දිනයේ දී එකඟතා ගිවිසුමකට එළැඹ තිබුණා.

මුදල් විශුද්ධිකරණය හෝ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැනි පොලීසිය මඟින් සිදු කරන ලබන විමර්ශනවලට අවශ්‍ය තොරතුරු පහසුවෙන් හුවමාරු කර ගැනීම සඳහා අනෝන්‍ය එකඟතාවයට පැමිණීම මෙහි මුලික අරමුණ වී ඇති බව සඳහන්.

මෙමගින් දීර්ඝ කාලයක් තිස්සේ පොලිස් විමර්ශන සඳහා තොරතුරු ලබා ගැනීමේ දී පැවැති ප්‍රමාද වීම් අවම වන බවත් අදාළ විෂයයන් පිළිබඳව මනා පළපුරුද්දක් ඇති නිලධාරී කණ්ඩායමක් සම්බන්ධ කර ගැනීමෙන් එම කටයුතු කාර්යක්ෂම ඉටු කර ගැනීමට හැකියාව ඇති බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *