ලොව විශාලතම මැතිවරණය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රියේ නිකුත් වුණා.
මෙවර මැතිවරණයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ සන්ධානය ලෝක් සභා මැතිවරණයේ දී ජයග්‍රහණය කර ඇති බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
ඒ ඉන්දියාවේ පාලන බලය තහවුරු කර ගැනීමට අවශ්‍ය 272ක් ඉක්මවූ ආසන ගණන ජයග්‍රහණය කිරීමත් සමඟයි.
ඉන්දීය මැතිවරණ කොමිසම විසින් නිකත් කරන ලද ප්‍රතිඵලයට අනුව මෝදීගේ භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ සන්ධානය ලබාගත් ආසන ගණන 292 කි.
මේ අනුව නරේන්ද්‍ර මෝදි තෙවන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස ඉදිරි දිනකදී දිවුරුම් දෙනු ඇති.
මේ අතර ඉන්දීය ජාතික කොංග්රස් පක්ෂය ප්රමුඛ විපක්ෂ ඉන්දීය සන්ධානය මහ මැතිවරණයේ ආසන 234ක් දිනා ගෙන ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
Leave a Reply