දේශීය සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පාරිභෝගික අධිකාරිය විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.
මේ අනුව දේශීය සුදු සහ රතු සහල් කැකුළු කිලෝ ග්‍රෑම් එකක උපරිම තොග මිල රුපියල් 215ක් ලෙසත් එහි උපරිම සිල්ලර මිල රුපියල් 220ක් ලෙස සඳහන් වනවා.
දේශීය නාඩු සහල් කිලෝ ග්‍රෑම් එකක තොග මිල රුපියල් 225ක් වන අතර එහි උපරිම සිල්ලර මිල රුපියල් 230ක් ලෙස ද එම නිවේදනයේ පෙන්වා දී තිබෙනවා.
නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව දේශීය කීරි සම්බා කිලෝග්‍රෑම් එකක තොග මිල රුපියල් 255ක් වන අතර උපරිම සිල්ලර මිල රුපියල් 260කි.
මේ අතර ආනයනික සහල් සඳහා ද උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ආනයනික කැකුළු සහල් කිලෝ ග්‍රෑම් එකක් සදහා උපරිම සිල්ලර මිල රුපියල් 210ක් වන අතර ආනයනික නාඩු සහල් කිලෝග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 220ක් වන අතර ආනයනික සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 230ක් ලෙසයි අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වනවා.
Leave a Reply