කටුනායක ගුවන් තොටුපොළේ ගුවන් මඟීන්ගේ ගමන් මලු ප්‍රවාහනය කරන සේවකයෙකුට කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පහර දී ඇති බව වාර්තා වනවා.
ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුට රාජ්‍ය අමාත්‍යවරයා විසින් තර්ජනය කර ඇති බවයි.
රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය 14 වනදා අළුයම් කාලයේ දී සිය බිරිඳ හා ඇමති ආරක්ෂකයන් සමඟින් සිය බිරිඳ සමඟ විදේශගත කිරීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.
මෙහිදී ඔහු ගිනිඅවි සහිත ඇමති ආරක්ෂකයන් ද සමඟින් දොරටුවෙන් ගුවන්තොටුපොළට ඇතුළුවීමට උත්සහ දරා ඇති අතර අමාත්‍යවරයාගේ ආරක්ෂකයන් සතු ගිනි අවි රැගෙන යාමට ඉඩදිය නොහැකි බවද ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් රාජ්‍ය අමාත්‍යවරයාට පවසා තිබෙනවා.
එම අවස්ථාවේදී ඔහු ගුවන්තොටුපොළ ආරක්ෂකයන්ට බැණ වැදී ඇති බව වාර්තා වනවා.
ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳගේ ගමන් මලු රැගෙන ගිය ගමන් මලු ප්‍රවාහනය කරන සේවකයාට රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාට පහර දී ඇති බවයි.
සේවා සපයන සේවකයෙකුට රුපියල් 1000ක මුදලක් ගෙවිය යුතු බව ගුවන්තොටුපොළේ පුවරු මඟින් සඳහන් කර ඇති පසුබිමක රාජ්‍ය අමාත්‍යවරයා විසින් එම සේවකයාට රුපියල් 700ක මුදලක් ලබාදීම පිළිබඳව ඔහු විරෝධය පළ කිරීම හේතුවෙන් මෙම පහර දීමට මුල්වී ඇති බවද වාර්තා වනවා.
සේවකයාට කම්මුල් පහරක් එල්ල කිරීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් පිටව ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධව පැමිණිලි කිරීම සඳහා පහර කෑමට ලක්වූ අදාළ සේවකයා පොලීසිය වෙත ගොස් තිබු බව සඳහන්.
කෙසේ වෙතත් එම අවස්ථාවේදී ස්ථානාධිපතිවරයා නොසිටීම හේතුවෙන් පසුදින උදෑසන යළි පැමිණෙන ලෙස පොලිස් නිලධාරීන් එම සේවකයාට දැනුම් දී ඇති නමුත් කුමන හෝ හේතුවක් මත ඔහු ඉන් අනතුරුව පොලීසිය වෙත ගොස් තිබුණේ නැත.
Leave a Reply