Loading...

මතීෂට අද තරඟය අහිමි වෙයි

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත අවසන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ දෙවන විස්සයි විස්ස තරඟයේ දී ඔහුගේ වම් පාදයේ ඇති වූ ආබාධය හේතුවෙන් තෙවන විස්සයි විස්ස තරඟය ක්‍රීඩා නොකරනු ඇති බවයි.

තරඟයෙන් අනතුරුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලදී ඔහු පළමු මට්ටමේ (Grade 1 hamstring injury) ආබාධයක් සිදුව ඇති බවයි.

මේ අතර පන්දුවාර විස්සයි විස්ස ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක වනිඳු හසරංග අද (09) තරඟයට සහභාගී වීමට නියමිතයි.

තරඟ දෙකක තහනමකින් අනතුරුවයි වනිඳු හසරංග අද (09) තරඟයට ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ.

මේ වන විට තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකා බංග්ලාදේශ තරඟාවලිය 1-1ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.

අද (09) ශ්‍රී ලංකා වේලාවෙන් සවස 03ට ආරම්භ වීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *