අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එරට බිලියනපතියකු වූ ඊලෝන් මස්ක්ට එරෙහිව අමෙරිකාවේ විරෝධතා රැසක් මේ වන විට පැවැත්වෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අමෙරිකාවේ ප්‍රාන්ත 50ම ඇතුළුව ස්ථාන 1200ක ඊයේ (05) දිනයේ දී අමෙරිකානු ජනාධිපතිවරයාට සහ එලෝන් මස්ක්ට එරෙහිව විරෝධතා සහ පෙළපාලි පැවැත්වූ බවයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෙන ඇති තීරු බදු පැනවීම් ඇතුළු ඔහුගේ න්‍යාය පත්‍ර හේතුවෙන් අමෙරිකාවට සමාජීය සහ ආර්ථික ගැටළු ඇති වන බවට එම විරෝධතාකරුවන් සිය විරෝධතා මඟින් පෙන්වා දී තිබෙනවා.
අමෙරිකානු ආර්ථිකය කඩා වැටීමත් ඩොලර් ට්‍රිලියන 6කට ආසන්න ධනයක් විනාශ කිරීමෙන් අමෙරිකානු ජනාධිපතිවරයා මානසික අව පීඩනයෙන් පෙළෙන බවත් ඔවුන් මෙහිදී සඳහන් කරනවා.
තවද අමෙරිකානු රජය බිලියනපතියෙකු විසින් අත්පත් කරගන්නා බවද විරෝධතාවට එක්වූ පිරිස් චෝදනා කර සිටිනවා.
Leave a Reply