උසස්වීම් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය රැසක් අවලංගු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ කොටුවේ සිට මීගමුවට සහ වේයන්ගොඩට දුම්රිය දෙක බැඟින් ධාවනය කිරීමට ද පොල්ගහවෙල සිට කොටුවට දුම්රිය දෙකක් ද, ගාල්ලේ සිට කොටුව දුම්රිය තුනක්ද, අලුත්ගම සිට එක් දුම්රියක්ද කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවයි.
මෙම වර්ජනය හේතුවෙන් අද (10) දිනයේ දී දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මඟීන්ට එම වාර ප්‍රවේශපත්‍ර උපයෝගී කරගනිමින් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට හැකි බවද එම අමාත්‍යාංශය පවසනවා.
මේ අතර දුම්රිය සේවා ඇතුළු පොදු ප්‍රවාහන අත්‍යවශ්‍ය සේවා ප්‍රකාශයට පත්කර බැවින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දියත් කර ඇති වර්ජනය නීති විරෝධී බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දී තිබෙනවා.
එම අමාත්‍යාංශය පවසන්නේ වර්ජනය හේතුවෙන් සේවයට වාර්තා නොකරන අයට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
Leave a Reply