Loading...

2025 ආසියානු කුසලානය ගැන ආ අලුත්ම පුවත

2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය අද (26) නිවේදනය කළා.

පසුගියදා බංග්ලාදේශයේ ඩකා හි පැවැති ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) රැස්වීමේ දී මේ සම්බන්ධව අවසන් තීරණය කර තිබෙනවා.

මෙවර තරඟාවලිය සැප්තැම්බර් මස 9 සිට 28 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන්.

ඒ සඳහා රටවල් 8ක් තරඟ වැදීමට නියමිතයි.

මේ අනුව තරඟාවලියේ දී නිල තරඟ කාලසටහන නුදුරේදීම ප්‍රකාශයට පත් කරනු ඇති.

ඒ අනුව දැනටමත් ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ පාකිස්තානය සුදුසුකම් ලබා සිටිනවා.

සෙසු කණ්ඩායම් තුන වන්නේ ACC ප්‍රිමියර් කුසලානයේ ජයග්‍රාහකයින් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය හොංකොං සහ ඕමානයයි.

මේ අතර මීළඟට ඇති ආසන්නම ලෝක කුසලානය 2026 විස්සයි විස්ස ලෝක කුසලානය වන බැවින් ලබන ආසියානු කුසලානය ක්‍රිකට් තරඟාවලිය ද විස්සයි විස්ස ආකෘතිය යටතේ පැවැත්වෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *