Loading...

,

අතරමඟ නැවතුණු ජපන් ව්‍යාපෘති ගැන ආ අලුත්ම ආරංචිය

ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට අතරමඟ නැවතී ඇති ව්‍යාපෘති 11ක වැඩ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

එම මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි මහතා ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සමඟ පැවති හමුවකදී මේ බව සහතික වී ඇති බවයි.

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානාය මහතා ඇතුළු රජයේ ප්‍රමුඛ කාර්යයක් වන දුෂණ සහ අක්‍රමිකතා පිටු දැකීමේ වැඩපිලිවෙලට ජපාන රජයේ පුර්ණ සහාය ලබාදෙන බවත් ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සමීපව කටයුතු කිරීමට සූදානම් බවත් ජපාන තානාපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

ඒ අනුව බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර, මහනුවර නගරයේ ජල කළමණාකරණ ව්‍යාපෘතිය, භෞමික රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය, ජාතික සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාල සංවර්ධන ව්‍යාපෘතිය, අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ 2 වන අදියර, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය, කළු ගඟ ජල සම්පාදන ව්‍යාපෘතිය සහ සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය හැකි ඉක්මණින් ආරම්භ කිරීමට නියමිත බවද සඳහන්.

ඊට අමතරව ජපාන තානාපතිවරයා මෙම හමුවේදී ප්‍රකාශ කර ඇත්තේ ජපාන ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අවසන් අදියරේ පවතින හබරණ-වේයන්ගොඩ සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතිය සහ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර කඩිනමින් නිම කිරීම මෙන්ම වැඩ අවසන්ව ඇති කැළණි ගඟ නව පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතියට අදාළ ගෙවීම් සිදු කිරීම ද මිට ඇතුළත් බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *