නොවැළැක්විය හේතුවක් නිසාවෙන් පෙර සැලසුම් කළ පරිදි එළැඹෙන 2 වනදා පැවැත්වෙන කොළඹ සිටි ඔෆ් ඩ්‍රීම්ස් විවෘත කිරීමේ උත්සවයට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී නොවන බව සංවිධායකයෝ අද (17) ප්‍රකාශ කළා.
සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ නිවාඩු නිකේතනය වනවා.
මීට පෙර සංවිධායකයන් තහවුරු කර තිබුණේ ලබන 2 වනදා පැවැත්වීමට නියමිත සිටි ඔෆ් ඩ්‍රීම්ස් විවෘත කිරීමේ උත්සවයට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වන බවට තහවුරු කර ඇති බවයි.
ෂාරුක් ඛාන්ගේ සිත තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් විශේෂ ස්ථානයක් තිබෙන බවත් සිටි ඔෆ් ඩ්‍රීම්ස් විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමට ඔහු උනන්දුවෙන් සිටි බව සංවිධායකයෝ ප්‍රකාශ කළා.
ඔවුන් සඳහන් කරන්නේ විවෘත වීමේ උත්සවයට සහභාගී වීමට නොහැකි වීම පිළිබඳව ඔහු කණගාටු වන බවත් අනාගතයේ දී ෂාරුක් ඛාන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගත හැකි අවස්ථාව පිළිබඳව සොයා බලන බවත්ය.
මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් සමූහය සහ මෙල්කෝ රිසොර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් සමාගම එක්ව ගෙන එන සිටි ඔෆ් ඩ්‍රීම්ස් නිවාඩු නිකේතනය අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක ආයෝජනයක් යටතේ සිදුවුණා.
අදාළ ව්‍යාපෘතියට ජාත්‍යන්තර මට්ටමේ කැසිනෝ ශාලාවක්, නුවා සන්නාමය යටතේ එන සුඛෝපභෝගී හෝටලක්, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සඳහා විශාල ඉඩකඩ පහසුකම් සහ ඉහළ මට්ටමේ සාප්පු සංකීර්ණයක් මෙන්ම සුඛෝපභෝගී ජීවන රටාවකට අවශ්‍ය සියලුම දේ ඇතුළත්.
සිටි ඔෆ් ඩ්‍රීම්ස් ව්‍යාපෘතිය මෙරට පෞද්ගලික අංශයේ විශාලතම ආයෝජනයක් ද වනවා.
මෙම ව්‍යාපෘතියේ කාමර 800ක් තිබෙන අතර ඉන් 687ක් සිනමන් ලයිෆ් සන්නාමය යටතේ ද 113ක සුඛෝපභෝගී කාමර ලෙස නුවා සන්නාමය යටතේ ද ක්‍රියාත්මක බව සඳහන්.







Leave a Reply