Loading...

කස්සප හිමි ඇතුළු සැකකරුවන් 10 දෙනාට ඇප

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් 10 දෙනා ඇප මත මුදා හරින ලෙස ත්‍රිකුණාමලය මහාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අදාළ සැකකරුවන් පිරිස සම්බන්ධයෙන් අදාළ ඇප ඉල්ලීම අද (11) මහාධිකරණය හමුවේ සලකා බැලු අවස්ථාවේ දීයි.

ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂූන් වහන්සේ සිව් නමක් ඇතුළු සැකකරුවන් 10 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුගිය සඳුදා මෙම සැකකරුවන් පිරිස ත්‍රිකුණාමලය මහාධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධි නීතිඥවරිය ඔවුන්ගේ ඇප අයැදුම් සම්බන්ධව විරෝධතා ගොනු කිරීමට දින 2ක කාලයක් ඉල්ලා සිටියා.

පසුව රජයේ නීතිඥවරියගේ ඉල්ලීමට අවසර ලබාදෙමින් මහාධිකරණය ඇප අයැදුම් පිළිබඳව මුලික විරෝධතා වෙතොත් ඉදිරිපත් දන්වමින් ඇප අයැදුම් සලකා බැලීම අද (11) දින දක්වා කල් තැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *