Loading...

හිටපු මන්ත්‍රී උද්දිකට වෙඩි තැබූ හැටි අනාවරණය වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය මන්ත්‍රීවරයා ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් සමඟ එක්වී සැලසුම් සහගතව සිදුකළ එකක් බවට අනාවරණය වී තිබෙනවා.

ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා මේ බව කියා සිටියා.

2023 වසරේ සැප්තැම්බර් 17 වනදා අනුරාධපුර දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථය ඉලක්ක කරමින් වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණා.

වෙඩි වැදීමෙන් මෝටර් රථයේ පිටුපස පැති වීදුරුවලට අලාභ හානි සිදු වුවද මන්ත්‍රීවරයාට කිසිඳු අනතුරක් සිදුව තිබුණේ නැහැ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේ මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිදුකර ඇති බවත් සිද්ධියට අදාළ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *