Loading...

,

ඉරාන ජනාධිපති මියගිය බවට තහවුරු වෙයි

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇති බව ඉරාන බලධාරීන් තහවුරු කර ඇති බවට රොයිටර්ස් මාධ්‍ය ජාලය වාර්තා කර තිබෙනවා.

ඊයේ (19) සිදුවූ මෙම හෙලිකොප්ටර් යානා අනතුරින් රයිසි ජනාධිපතිවරයා සමඟ එහි ගමන් කළ ඉරාන විදෙස් කටයුතු ඇමති හුසේන් අමීර් අබ්දෙල්ලහා ද මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට පත් හෙලිකොප්ටර් යානය තුළ අසර්බයිජානයේ සිට නැවත පැමිණේමින් සිටි ජනාධිපතිවරයා ඇතුළු පුද්ගලයින් 9 දෙනෙක් එහි ගමන් කර තිබුණා.

එම කලාපයේ පැවැති අපැහැදිලි කාලගුණය හේතුවෙන් යානය මෙලෙස අනතුරට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *