Loading...

QR කේතය සම්බන්ධ ගැටළුව කඩිනමින් විසඳනවා – රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

QR කේත භාවිතා කර ඉන්ධන ලබා ගැනීමට හඳුන්වා දී ඇති QR කේතය සම්බන්ධ පැන නැගී ඇති ගැටලුව කඩිනමින් නිරාවරණය කිරීමට දැනටමත් කටයුතු කරමින් සිටින බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.

එම නිවේදනයෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ මීට පෙර QR කේතය ලබාගත් සහ දැනටමත් එම වාහනය සහ එම දුරකථන අංකයම භාවිතා කරන පුද්ගලයින්ට කිසිඳු ගැටලුවකින් තොරව නව QR කේතය යාවත්කාලීන කරගත හැකි බවයි.

වාහන හෝ දුරකථන අංක වෙනස් වී සහ අලුතින් වාහන මිලදී ගත් අය මුහුණ දෙන ගැටළු හඳුනාගෙන ඒවා හැකි ඉක්මණින් නිරාකරණය කිරීමට කටයිතු කරමින් පවතින බවද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරනවා.

තවද අත්‍යාවශ්‍ය සේවාවන්ට, කෘෂිකර්ම කටයුතුවලට ඉන්ධන සැපයීම ඇතුළු විශේෂිත ගැටළු සම්බන්ධව සවස් වරුවේ තීරණය අද (15) දින තුළම ගෙන ඒවාට විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ඒ මහතා විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *