Loading...

මන්ත්‍රීවරුන්ගේ රක්ෂණාවරණ සීමාව පහළට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ සමූහ රක්ෂණාවරණ සීමාව සංශෝධනය කිරීමට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අනුව 2025.10.09 වන දිනෙන් ආරම්භ වීමට නියමිත රක්ෂණ වර්ෂයේ සිට ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා වන රක්ෂණාවරණයේ ප්‍රතිලාභ රුපියල් 250000කට සීමා කරනු ඇති.

එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා වර්ෂයක් සඳහා රුපියල් මිලියනක උපරිම රක්ෂණාවරණයකට යටත්වන අයුරින් සමූහ රක්ෂණාවරණයක් ක්‍රියාත්මක කිරීමට 2023.05.15 වන දින කැබිනට් අනුමැතිය හිමිව තිබුණා.

මේ අනුව පසුගිය කාලය තුළ එම රක්ෂණාවරණය සලසා ඇති බව සඳහන්.

මෙවර අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ දී ජනාධිපතිවරයා විසින් එම රක්ෂණාවරණ සීමාව රුපියල් 250000ක් දක්වා අඩු කිරීමට යෝජනා කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *