පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්ථානය පිළිබඳව දැඩි තීරණ ක්‍රියාත්මක කරමින් සිටින ඉන්දියාව පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් රැසකගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් ද ඉන්දියාව තුළ අවහිර කර තිබෙනවා.
මෙලෙස අවහිර කරනු ලැබූ පාකිස්තාන ක්‍රිකට් ලැයිස්තුවට ඊයේ (02) දිනයේ දී බාබර් අසාම්, මොහොමඩ් රිස්වාන් සහ වසීම් අක්‍රම්ගේ ගිණුම ද ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.
මේ අනුව දැනට ටෙස්ට් නායක ෂාන් මසූඩ්, වේග පන්දු යවන්නන් වන හසන් අලි සහ නසීම් ෂා, පිතිකරු ඉමාම්-උල්-හක්, තුන්ඉරියව් ක්‍රීඩක ෂදාබ් ඛාන්ගේ ගිණුම් මෙලෙස අවහිර කර තිබෙනවා.
ඊට අමතරව හිටපු පාකිස්තානු තරු වන ෂොයිබ් අක්තාර් සහ ෂාහිඩ් අෆ්රිඩිගේ ගිණුම් ද මේ අතරට අයත් වනවා.
පාකිස්තානයේ හිටපු අගමැති මෙන්ම හිටපු නායක ඉම්රාන් ඛාන්ගේ ගිණුමට ද ඉන්දියාව තුළ ප්‍රවේශ වීමේ හැකියාවද අවහිර කර තිබෙනවා.
ඉන්දියාවේ සිට ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට පිවිසීමට උත්සාහ කරන පරිශීලකයින්ට ඉන්දියාව තුළ ගිණුමක් නොමැත යනුවෙන් දැක්වෙන බව වාර්තා වනවා.








Leave a Reply