Loading...

,

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා තෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (08) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ලබන 10 වනදා දක්වා මෙරට රැඳී සිටින ඒ මහතාගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ දෙරට අතර පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමයි.

මෙම සංචාරය අතරතුරදී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා යන මහත්ම මහත්මීන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

පසුගිය වසරේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී අත්සන් තබන ලද ඉන්දු – ලංකා ආරක්ෂක සහයෝගීතා ගිවිසුමේ ප්‍රගතිය සහ එය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී විශේෂ සමාලෝචනයක් සිදුකිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු මෙලෙස ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන්නේ වසර 38කට පසුව වීම විශේෂත්වයකි.

මේ අතර, ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ පැමිණීම වෙනුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කොළඹ රථවාහන කොට්ඨාසය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, අමාත්‍යවරයා ගමන් ගන්නා කාලසීමාවන් තුළ කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය අවස්ථාවනූකූලව සීමා කිරීමට කටයුතු කරනු ඇත.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *