ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වුණු තෙවන හා අවසන් විස්සයි විස්ස තරඟය ඉන්දීය කණ්ඩායම ලකුණු 133කින් ජය ගැනීමට ඊයේ (12) සමත් වුණා.
හයිද්‍රාබාද්හි රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වුණු තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 297ක් රැස් කිරීමට සමත් වුණා.
එය සැලකෙන්නේ ICC පුර්ණ සාමාජිකත්වය හිමි රටක් ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟයකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතුකර ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකි වුණා.
මෙම තරඟයේ දී ඉන්දියාව පවර්ප්ලේ පන්දුවාර 6 අවස්ථාවේදී එක් කඩුල්ලක් දැවී ලකුණු 82ක් රැස්කළ අතර එය ඉන්දීය කණ්ඩායම විස්සයි විස්ස තරඟයක පවර්ප්ලේ අවස්ථාවේදී රැස්කළ වේගවත් ලකුණු සංඛ්‍යාව සම කිරීමක් ද විය.
ඉන්දියාව වෙනුවෙන් බංග්ලාදේශ කණ්ඩායමට අනුකම්පා විරහිත ඉනිමක් ක්‍රීඩා කළ සංජු සැම්සන් පන්දු 40කදී ශතකයක් ලබාගත් අතර ඔහු ලකුණු 111ක් රැස්කළා.
එය ඉන්දියාව වෙනුවෙන් වාර්තා වූ දෙවන වේගවත්ම විස්සයි විස්ස ශතකය ද වනවා.
ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් ලකුණු 75ක් රැසක්ළ අතර හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 47ක් රැස්කළේය.
ලකුණු 298ක් ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 164ක් පමණයි.
එහිදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Towhid Hridoy ලකුණු 63ක් ලබාගත් අතර Litton Das ලකුණු 42ක් ලබා ගනු ලැබුවා.
පන්දු යැවීමේ දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Ravi Bishnoi ලකුණු 30කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.
ඒ අනුව තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය 3-0ක් ලෙස ඉන්දීය කණ්ඩායම ජය ගැනීමට සමත් වුණා.








Leave a Reply