Loading...

ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරනු ලබන තරග ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි

පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන සියලුම තරඟාවලිවලින් ඉවත් වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පාකිස්තානය සහ ඉන්දියාව අතර ඇති වී ඇති මතභේදාත්මක තත්ත්වයට මීට හේතු වී ඇති බවයි.

ලබන මස ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලානය ද ඊට ඇතුළත් බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

සැප්තැම්බර් මසදී පැවැත්වීමට නියමිත පිරිමි ආසියානු කුසලානය සම්බන්ධව අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව වාර්තා වනවා.

ACC හි වත්මන් සභාපතිත්වය දරනු ලබන්නේ පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සහ පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධානියා වන මොහ්සින් නක්වි විසිනි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *