Loading...

,

ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය නිදහස් අතර වෙළඳ ගිවිසුම අත්සන් තබයි

වසර 3ක් පුරා පැවැති සාකච්ඡාවලින් අනතුරුව ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය නිදහස් වෙළඳ ගිවිසුමක් සඳහා අත්සන් තබා තිබෙනවා.

දෙදින නිල සංචාරයක් අරඹමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඊයේ (24) බ්‍රිතාන්‍යයට පැමිණියා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ බ්‍රිතාන්‍ය සංචාරයට සමගාමීව මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

ද්වී පාර්ශවික සබඳතා වර්ධනය මෝදිගේ මෙම බ්‍රිතාන්‍ය සංචාරයේ ප්‍රධාන අරමුණ වනවා.

අත්සන් කෙරුණු නිදහස් වෙළෙඳ ගිවිසුම අනුව දෙරට අතර රෙදිපිළි සිට විස්කි සහ මෝටර් රථ දක්වා වන භාණ්ඩ සඳහා තීරු බදු කපා හැරීම සහ ව්‍යාපාර සඳහා වැඩි වෙළඳපල ප්‍රවේශයක් ලබාදීම සිදු වනු ඇති.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *